"එයාලට පුළුවන්ලු මට මරණ දඬුවම ඉල්ලන්න. එහෙඅ වූනොත් මාව වෙඩි තියලා මරලා දානවා."
"දෙයියනේ..."
"අක්කා මං මගේ ගැන හැම දෙයක්ම ඔයාට කියන්නම්. පුළුවන් වුණොත් මගේ අම්මලාට දැනගන්න සලස්සන්න. නැත්නම් මං එයආලාව අත්හැරියා කියන දුකෙන් එයාලා ජීවත් වේවි. එයාලා වෛර කරොත් කියන සිතිවිල්ල මට දරාගන්න බැහැ. ප්ලීස් මං වෙනුවෙන් පුළුවන් නම් ඒ උදව්ව කරන්න. මං දන්නවා කවුරු නැතත් අල්ලාහ් වගේම මේක දැනගත්තම අම්මත් මට සමාව දෙයි කියලා."
"පුළුවන් වුණොත් නෙමෙයි සුහානා, මං අනිවාරෙන් ම ඒ දේ කරන්නම්. මං ඔයා වෙනුවෙන් එයාලට පුළුවන් උදව්වක් කරන්නම්."
"දැන් මට සැනසීමෙන් මැරෙන්න පුළුවන් වෙයි අක්කා."
"මොනවා උණත් සුහානා පසුතැවෙන්න එපා. ඔයයි මමයි දෙන්නම වැරද්දක් කරලා නැහැ. පව්කාරයෝ දෙන්නෙක්ව මේ ලෝකෙන් අයින් කළා මිසක්."
Mage Yakkha Premaya - මගේ යක්ඛ ප්‍රේමය
- Publisher: Shajaya Publishers - ශාජය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Hiroshini Siriwardhana - හිරෝෂිනි සිරිවර්ධන
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246238032
- Availability: Available
-
Rs. 850.00